Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන 11 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන 11 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට
graduation cap diploma isolated on a white background

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ. සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරේ. ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී.

පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද දැනට පත්වීම් ලිපි නොලැබූ පිරිස් ඒ ගැන සැකයක් ඇතිකරග යුතු නැත. දැනට පත්වීම් ලිපි ලැබූ පිරිස ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතුය. ඔවුන්ගේ පැමිණීම ප්‍රාදේශීය ලේකම්වරයා සටහන් කරගනු ඇත.

“ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සලකනු ලැබේ” යනුවෙන් සඳහන් වුවද එය ද බලාත්මක නොවන බව රජය දැනුම් දෙයි. මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමා වී දින 05 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සදහා පුහුණු වැඩසටහන ආරම්භ කෙරේ. ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කරනු ඇත.

අයැදුම්පත් සමග එවා තිබු තහවුරු කර ගැනීමට අවශ්‍ය, උපාධි සහ ඩිප්ලෝමා සහතික විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට යොමු කෙරිණ. ඊට විශාල කාලයක් ගත විය. ඉතා විනිවිදභාවයෙන් සහ සාධාරණ ක්‍රමවේදයකට උපාධිධාරීන් තෝරාගන්නා ලදී. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිළිගන්නා දෙස්, විදෙස් විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් මේ සඳහා අයැදුම්කර තිබිණි. දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලැබූ පිරිස 45,585කි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *