රාජ්‍ය ණය කළමනාකරණ පනත බලාත්මක කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව   සම්මත කර ඉකුත් ජුනි 18 දිනෙන් සටහන් කර තිබූ පනතක් වූ  2024 අංක 33 දරණ  රාජ්‍ය ණය කළමනාකරණ පනත ඊයේ (25) සිට බලාත්මක කර තිබේ.

මෙම පනත බලාත්මක කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නොවැම්බර් 21 දාතමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි .

මෙම පනත රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය,ඇපකර නිකුත් කිරීම,උප ණය දීම,සැපයුම්කරුගේ ණය ගිවිසුම් සහ මූල්‍ය කල්බදු ගිවිසුම් ඇතිකර ගැනීම  ඇතුළුව රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සඳහා බලය ලබාදීම පිණිසද ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ  පනතකි.

මෙකී නව  පනතින් අමාත්‍ය මණ්ඩලය මගින් පත් කරනු ලබන  අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත්  රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක්  සහ සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුත්  රාජ්‍ය ණය සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමටද   නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *