රථවාහන පොලිසියට තර්ජනය කළ පුද්ගලයකු ගැන පොලිසිය පරීක්‍ෂණ අරඹයි.

නුගේගොඩදී මෝටර් රථ ප්‍රවාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට පුද්ගලයෙකු බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව නඩු පවරා ඇති බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනාට එම පුද්ගලයා විසින් වාචිකව බැන වදින අයුරු සමාජ මාධ්‍ය තුළ සැරිසරන වීඩියෝ දර්ශනවල දැක්වේ.

නුගේගොඩ දෙලක්නද හන්දිය ආසන්නයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තා වන අන්දමට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *