වර්තමානයේ රට තීරණාත්මක සංධිස්ථානයකට එළැඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසා ඡන්දය භාවිත කළ යුතු බව ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියෝ පවසති. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“MCC බෙල්ල යන ගිවිසුමක්. ලංකාවේ මැද්දේ ඇමරිකන් දූපතක් හැදුවා වගේ. සජිත් ජනාධිපති වුණොත් ඉබ්බා ගඟට දැම්මා වගේ. බෞද්ධ රටක් නෙවෙයි කියලා මංගල කිව්වා. සිංහල බෞද්ධයෝ තේරුම් ගන්න ඕනේ. සහරාන්ගේ කල්ලිය එක්ක හිටපු අය සජිත් එක්ක ඉන්නවා කියලා ආරංචියි. දුර බලලා ඡන්දය දෙන්න. සජිත් දෙමළ සන්ධානයේ ඉල්ලීම් දෙන්න සූදානම්. අගමැති කිව්වා දෙමළ සන්ධානයේ සහාය සජිත්ට කියලා“ යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොටපොළ අමරකිත්ති හිමියෝ කියා සිටියහ.
දෙමළ සන්ධානයේ ඉල්ලීම් ගෝඨාභය මහතා නොපිළිගන්නා බව කී නමුත් සජිත්ට සහාය දීමට ඔවුන් එක්වුණ බවත් කී උන්වහන්සේ ඒ අනුව විමසා දෙපැත්ත බෙදාගැනීමට හැකි බව අවධාරණය කළහ. . ජනාධිපතිවරණයේදී ඥානවන්තව ඡන්දය දෙන ලෙසත් ගෝඨාභය නිර්පාක්ෂික පුද්ගලයෙක් බවත් සංහිඳියාව වෙනුවෙන් ගෝඨාභය යුද්ධය ජයගත් බවත් අමරකිත්ති හිමියෝ පෙන්වා දුන්හ.
එසේම තමන් වහන්සේ කිසිඳු දේශපාලන පක්ෂයකට අදාළ නැති නිදහස් මත දරන අයකු බවත් වැඩිදුරටත් උන්වහන්සේ කියා සිටියහ.
(වීඩියෝ – අද දෙරණ ඇසුරිනි)