ආණ්ඩුවට මුවා වූ දේශාපාලනඥයින් විසින් මුහුදු මහා විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුවය.
මුහුදු මහා විහාරයට අයත් භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බවත් අක්කර 14ට සීමාවෙලා ඇති මෙය බලහත්කාරයෙන් ආක්‍රමණය කර බුදු පිළිම හා සඳකඩ පහන් කැඩීමට ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ කියා සිටියහ.
“ඉඩම් නැත්තම් ඉඩම්වල පදිංචි වුණාට විරුද්ධ නෑ. පුරාවිද්‍යා භූමි බලහත්කාරයෙන් ආක්‍රමණය කරලා. බුදුපිළිම හා සඳකඩ පහන් කඩන්න දෙන්න බෑ. දේශපාලන හයියෙන් ආක්‍රමණය කරනවා. සුද්දන්ටත් බුදුසසුන ආරක්ෂා කරන බවට පිළිගන්න වුණා. කළු සුද්දන්ට පිළිගන්න බෑ. රනිල් ජාතිවාදීන්ට කප්පම් දීලා“ යැයිද රතන හිමියෝ කීහ.
මුහුදු මහා විහාර භූමියේ නිරීක්ෂණ කටයුතුවලින් පසු රතන හිමියන් සමග පොතුවිල් පොලීසියට වැඩම කළ මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් වත්මන් තත්ත්වය පිළිබඳව පැමිණිල්ලක් ගොණු කළේය.