මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “ජීටි“ නැමති සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම අපරාධ සඳහා යොමු කළ පුද්ගලයා මොහු බවට අනාවරණය වී ඇති බවයි.
නොවැම්බර් මස 12 වන දින වැලිගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 112ක් සොයාගනු ලැබු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 9වන සැකකරු අත්අඩංගුවට ගත් “ජීටි“ නැමැත්තා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.