එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන රැලියක් අද(23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීම සිදුකෙරුණු අතර එයට මිස් කෝල් එකක් ලබාදී ජනතාවට සම්බන්ධ වනමෙන් උපදෙස් ලබාදීම සිදුවිය. ඇමැති මංගල සමරවීර මෙම රැලිය සංවිධානය කර තිබූ අතර එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ඔහුට හිතවත් එජාප සාමාජිකයන් එම රැලියට එක්ව නොසිටීම විශේෂත්වයකි.
හරින් ප්‍රනාන්දු, බුද්ධික පතිරණ ඇතුළු ඇමැතිවරු ඊට එක්ව සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා ජන රැලිය අමතමින් කියා සිටියේ තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.