ශ්රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණඩායම් අතර අවසන් විස්සයි විස්ස තරගයේදී පිට පිටම පන්දු 4 ක් තුළ කඩුලු 4 ක් දවාගනිමින් ශ්රී ලංකා නායක ලසිත් මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
සිය දෙවැනි පන්දු වාරයේදී කොලින් මුන්රෝ, රදර්ෆර්ඩ්, කොලින් ඩි ග්රෑන්ඩ්හෝම් සහ රොස් ටේලර් දවා ගනිමින් මාලිංග එම දස්කම දැක්වීමට සමත් විය. එය විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්නකු එවැනි දස්කමක් කළ දෙවැනි අවස්තාව වන අතර මීට පෙර ඇෆ්ගනිස්තානයේ රෂීඩ් කාන් අයර්ලන්තයට එරෙහිව පිටපිට කඩුලු 4ක් දවාගෙන ඇත.
මීට පෙර එක්දින පිටියේදී පමණක් පිට පිට පන්දු හතරකින් කඩුලු 4ක් දවාගෙන ඇති එකම ක්රීඩකයාද ලසිත් මාලිංග පමණි.
මේ අතර ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු ලාභියා ලෙස පළමු තරගයේදී ලෝක වාර්තාවට හිමිකම් කී මාලිංග විස්සයි විස්ස පිටියේ කඩුලු 100 ක් ලබාගත් ලොව එකම හා පළමු පන්දු යවන්නා ලෙසද වාර්තා පොත් අතරට එකතු විය.