මාර්ගයක ඇද වැටී සිට රෝහල් ගත කෙරූ පුද්ගලයා මිය යයි, කොවිඩ් බවට තහවුරු කරයි

මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයෙක්, පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

එසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව , බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

ඔහු පොල් කැඩීම තම ජීවන වෘත්තිය ලෙස සිදුකර ඇත.

පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව-බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

නමුත් රෝහල්ගත කර සුළු වේලාවකින් ඔහු මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *