විදුලි

මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය සිදු කරන බව විෂයභාර ඇමති පවසයි.

ඉන්ධන මිල සංශෝධනය මසකට දෙවරක් නොව මසකට වරක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිට ඉන්ධන මිල සංශෝධනය සෑම මසකම 01 සහ 15 යන දිනවල ක්‍රියාත්මකයි.

ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ 50 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් අලෙවි නියෝජිතයින් මිල සංශෝධනයට දින කිහිපයකට පෙර ඉන්ධන මිල අඩුවිය හැකි යැයි සිතා ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවයි.

ලෝක වෙළඳපොලේ මිල අනුව මසකට වරක් ඉන්ධන මිල සංශෝධන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

ඛනිජ තෙල් අලෙවි නියෝජිත සංගමයේ 50 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද පෙරවරුවේ පැවැත්විණි. සියලුම CEYPETCO සහ LIOC අලෙවි නියෝජිතයින්, CPC, LIOC, CPSTL, රාජ්‍ය බැංකු නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *