Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (Central African Republic) සන්නද්ධ කණ්ඩායම් විසින් මාස අටකට අධික කාලයක් පුරා රඳවාගෙන සිටි සිවිල් වැසියන් තිදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කළ අතිශය අවදානම් සහගත ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ විශේෂ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) සාර්ථකව දායකත්වය ලබා දී තිබේ.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථාවරත්ව මෙහෙයුම (MINUSCA) යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බලඝණය (Aviation Unit) විසින් මෙම මෙහෙයුම මෑතකදී සාර්ථකව දියත් කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කළේ, මෙම මෙහෙයුම වෙනුවෙන් ‘Mi-17’ වර්ගයේ ප්‍රහාරක සහ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා තුනක් (03), ඉහළ පුහුණුවක් ලත් සටන්කාමී භට පිරිස්, විශේෂ සාකච්ඡා කණ්ඩායමක් (Negotiation team) මෙන්ම ගුවන් වෛද්‍ය හදිසි මුදාගැනීමේ කණ්ඩායමක්ද (Air Medical Evacuation Team) යොදවා තිබූ බවයි.

පැය 18ක අඛණ්ඩ ගුවන් මෙහෙයුමක්

අතිශය අභියෝගාත්මක සහ අනතුරුදායක ආරක්ෂක වාතාවරණයක් මධ්‍යයේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී, ගුවන් කාර්ය මණ්ඩලය, විශේෂ ආරක්ෂක අංශ, සාකච්ඡාකරුවන් සහ වෛද්‍ය කණ්ඩායම් අතර පැවති ඉහළ සම්බන්ධීකරණය මෙහෙයුමේ සාර්ථකත්වයට මූලික විය.

ප්‍රාණඇපකරුවන් තිදෙනා නිරුපද්‍රිතව මුදාගැනීමේ මෙහෙයුම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා අඛණ්ඩව පැය 18කට වැඩි කාලයක් අවදානම් ගුවන් මෙහෙයුම්වල නිරත වූ බව ගුවන් හමුදාව සඳහන් කරයි.

ජාත්‍යන්තරය දිනූ ශ්‍රී ලාංකික වෘත්තීයභාවය

එක්සත් ජාතීන්ගේ නිල් ධජය යටතේ සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ගේ නිර්භීතභාවය, අසමසම වෘත්තීයභාවය සහ සාමූහික කණ්ඩායම් හැඟීම මෙම සාර්ථක මෙහෙයුම මඟින් මැනවින් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පෙන්වා දෙයි. ගැටුම් පවතින අර්බුදකාරී කලාපවල අසරණ සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් දක්වන සුවිශේෂී දායකත්වයද මෙමඟින් යළිත් තහවුරු විය.

ආරක්ෂක හේතූන් මත මුදාගත් සිවිල් වැසියන් තිදෙනාගේ අනන්‍යතාව හෝ ඔවුන් අයත් රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළිකර නොමැත.

විදේශයන්හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින ශ්‍රී ලාංකික සන්නද්ධ හමුදා සාමාජිකයින් විසින් ජාත්‍යන්තර සාමය සහ මානුෂීය මෙහෙවර උදෙසා සපයන ලද තවත් ඓතිහාසික දායකත්වයක් ලෙස මෙම මෙහෙයුම ඉතිහාසයට එක්වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *