බීමත් රියදුරකු නිසා රාජ්‍ය බුද්ධි කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 11 වැනිදා රාත්‍රී තුන්මුල්ල ප්‍රදේශයේදී මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු රැගත් යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර, රිය අනතුර සිදුවීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම කොස්තාපල්වරයා අද (14) අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය පදවා ගෙන ගිය රියදුරා නීති ශිෂයෙක් බවත් ඔහු එම අවස්ථාවේදී බීමතින් සිටිය බවට හෙළිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *