LK reports news sinhala

බැසිල් කී දේ සැබෑවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ(27) රාත්‍රියේ සිදුව ඇතැයි වාර්තා වේ. කොළඹදී මෙම හමුව සිදුව ඇතත් එය අතිශය පෞද්ගලික හමුවක් ලෙස සිදුව ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.

ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාකච්ඡාවෙන් පසු ඊට සහභාගී වූ නියෝජිතයින් කියා සිටියේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර නව සන්ධානය සම්බන්ධයෙන් හමුවක් සිදුවනු ඇති බවයි. එය එදිනම රාත්‍රියේ වුව ද සිදුවිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා අනාවරණය කර තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *