බදු වැඩි කිරීම නිසා බේකරි නිෂ්පාදන මිළ ගණන් ඉහළ යයි

මෙරටට ආනයනය කෙරෙන මාජරින් හා ෆාම් තෙල් සදහා අය කෙරෙන බදු පසුගිය සිකුරාදා සිට රජය විසින් ඉහළ නැංවීමට තීරණය කිරීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට සිදුවනු ඇති බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ කොරෝනා වසංගතය නිසා මාස දෙකක් පුරාවටම බේකරි වසා තැබූ බවත්, ඉකුත් 22 වැනිදා සිට රජය විසින් සිදු කළ බදු සංශෝධන හේතුවෙන් බේකරි හිමියන් තවත් අසීරුතාවට පත්ව ඇති බවයි.

එමෙන්ම මෙම බදු වැඩි කිරීමට අදාළව ඔහු රජය වෙත චෝදනා කර සිටී. මාජරින් බද්ධ වැඩි කර තිබෙන්නේ මෙරට ව්‍යාපාරිකයින් කීප දෙනෙක් සතුටු කිරීමට බවත්, පිටරටින් ගේන මිලට මෙරට මාජරින් නිෂ්පාදන කර දෙන ලෙසට තමන් අභියෝග කරන බවත් ඔහු රජයට දන්වා සිටී. කෙසේ වෙතත් මේ පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු සියලුම අංශවලට ලිඛිතව දැනුම් දීමක් කරන්න තම සංගමය බලාපොරොත්තු බවත් සභාපති එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *