අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය අමීර් අලී මුස්ලිම් ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇති බව මහජන සේවා සංවිධානය අද(27) අනාවරණය කළේය.
2015 මහ මැතිවරණ සමයේදී සහරාන් හෂීම් ඉදිරිපත් කළ කොන්දේසි ඇතුළත් ලේඛන අමීර් අලි රාජ්‍ය අමාත්‍යවරයා විසින් භාරගන්නා අවස්ථාවක ඡායාරූපයක්ද මෙහිදී මාධ්‍ය වෙත අනාවරණය කෙරුණි.
මේ අතර සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරා සමග සබඳතා පවත්වා ඇති රවුෆ් හකීම් අමාත්‍යවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.
මෙම හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන්ගෙන් මේ වනතුරු කිසිදු ප්‍රශ්න කිරීමක් නොකළද පසුගියදා මෙම හෙළිදරව් කිරීම් සිදුකළ මවුලවිවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබිණි.