බඩු මිල ගැන හොයන්න ජනපති ආ හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(18) පස්වරුවේ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව ඊයේ සවස 7.30ට පමණ ජනපති මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරතවූ අතර ලබාදී ඇති බදු සහන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කෙරිණි.

එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධකරගත් ජනාධිපතිවරයා බදු සහනවල ප්‍රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබෙන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දුන්නේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *