ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා කිසිසේත් වෙනස් නොවන බව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර පැවැති උත්සවයකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේය.
නව හමුදාපති පත්කිරීම සම්බන්ධයෙන් ජනපතිට අයිතිය ඇති බවත් ඒ ගැන ප්‍රශ්න කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 11වැනිදා පැවැති පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයේදී නම් කෙරුණු අතර විවිධ මාධ්‍ය හා දේශපාලන විචාරකයින් ගෝඨාභය මහතාගේ ඇමරිකා පුරවැසිභාවය ඉවත් කරගෙන නොමැති බවත් පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා පසුව වෙනස් කරනු ඇති බවත් කියා තිබිණි. නමුත් පසුගියදා ගෝඨාභය මහතා කියා සිටියේ තම ඇමරිකා පුරවැසි භාවය අප්‍රේල් මාසයේ ඉවත් කරගත් බවයි.