LK reports news sinhala

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වෙනස් වෙන්නේ නෑ – මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිසිසේත් වෙනස් නොකරන බව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹදී අද(30) පැවැති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයකට එක්වූ අවස්තාවේ මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
තමන් එකම ප්‍රතිපත්තියක සිටින බවත් අද එක් අයෙක් හෙට තවත් කෙනෙක් ඉදිරිපත් නොකරන බවත් තම අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත් කරනු ලැබ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *