උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරා ශ්‍රී ලංකා පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුරප්පාඩු 7,500 ක් පමණ පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියදුරන් යන තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ.
අයදුම්කරුවන් තම අයදුම්පත් 2026 මැයි 8 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා පොලිසියේ www.police.lk නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව පමණක් ඉදිරිපත් කළ යුතුය.


