පොලිසියට වෙඩි තැබූ “රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පාතාල කල්ලි සාමාජිකයා ඊයේ (23) රාත්‍රියේ දී මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවකින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බවත්, ඔහුව අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර අනතුරුව පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මෙලෙස මියගොස් තිබේ.

සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *