LK reports news sinhala

පොදුජන පෙරමුණු තරුණ සමුළුව නෙළුම් පොකුණේ මුළුගැන්වෙයි – ගෝඨාගෙන් පොරොන්දු රැසක්

අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම තම රජයක් යටතේ සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික සම්මේලනයේදී ඒ මහතා මේබව සඳහන් කළේය.

අද පැවැති තරුණ සම්මේලනයේදී තරුණ තරුණියන්ගේ ගැටලු අන්තර්ගත නෙළුම් ප්‍රකාශනයද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ 21 වැනි ශත වර්ශය යනු ඥානය මුල් වු ශත වර්ශයක් බවයි. මේ හේතුවෙන් පොදු ජන පෙරමුණු රජයක් යටතේ පළමු වසර දෙක තුළ විශාල ආයෝජනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් දැනට ඇති විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කිරීමට, තාක්ෂණික අධ්‍යාපනය පුළුල් කිරීම, දැනට ඇති විශ්වවිද්‍යාල ආසියාවේ ඇති විශ්ව විද්‍යාල අතර උසස් තැනකට ගෙන ඒමටත් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් රැකියාවලට සුදුසු තරුණ තරුණියන් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අද ලෝකයේ තාක්ෂණය දෙස බැලූ විට තරුණ තරුණියන්ට අතරමං නොවී ඉදිරියට යාමට ඕනෑ තරම් අවස්ථා ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

(තොරතුරු හා ඡායාරූප – අද දෙරණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *