පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ගුරුවරුන් වැඩ නතර කරන බවට අනතුරු අඟවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (14) සිට සම්පූර්ණයෙන් වැඩ නතර කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ.

එම සංගමය පැවසුවේ අද සිට 2022 දෙසැම්බර් 18 දක්වා සම්පූර්ණ වැඩ නතර කරන බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිපාලනය විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය අනාවරණය කළේය.

එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

300කට ආසන්න සිසුන් පිරිසක් හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දී ඇති අතර සෙනසුරාදා (10) ඔවුන්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බව කියනු ලැබේ.

හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා සමඟ ඇති වූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුවයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ සියලු බලධාරීන්ට නියෝගයක් නිකුත් කර තිබුණි.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *