පාසල් විවෘත කිරීම පිළිඹද තීරණය හෙට

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26 වැනිදා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාවෙන් පසුව පාසල් විවෘත කිරීම පිළිඹදව තීරණය කරන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කෙසේ වෙතත් දැනට තීරණය කර ඇත්තේ පළමුව උසස් පෙළ සිසුන් සඳහාත්, දෙවනුව සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් පාසල් විවෘත කිරීමට බවත්, සෙසු ශ්‍රේණි සඳහා ඉන් අනතුරුව පාසැල් විවෘත කිරීම සිදු කරන බවත් අමාත්‍ය වරයා අවධාරණය කර සිටී. මේ සදහා අදාළ කාලවකවානු පිළිබඳ හෙට තීරණය කෙරෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *