දිනපතා එළවලූ තොග මිල පොලිස් සථාන වෙත – අලෙවි කරන මිල සොයා බැලීමටත් පොලිසියට උපදෙස්

වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුව දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොළ, නාරාහේන්පිට, මීගොඩ, වේයන්ගොඩ, දඹුල්ල, කැප්පෙටිපොළ, ඇතුළු දිවයින පුරා පිහිටා ඇති උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය හරහා සියලූ පොලිස් ස්ථාන වෙත නිකුත් කෙරෙනු ඇති.

අනතුරුව එම මිල ගණන් හා සසඳා අදාළ පොලිස් බල ප‍්‍රදේශවල සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීම සිදු වන්නේ ද යන්න සොයා බලන ලෙසත්, සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසටත් වැඩ බලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *