ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු සහ පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීම කල් දමා තිබෙන අතර, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය ඊට හේතුවයි.
ඒ අනුව එම නිලධාරීන් නැවත කැඳවන දිනය ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෝප් කමිටුව සඳහන් කරන ලදි.
පාපන්දු සම්මේලනයේ නිලධාරීන් ඉකුත් අප්‍රේල් මස 22වනදා කෝප් කමිටුවට කැඳවා තිබූ අතර, වත්මන් සභාපති අනුර ද සිල්වා ඊට සහභාගී නොවීම හේතුවෙන් එම රැස්වීම අත්හිටිවීමට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පියවර ගෙන තිබුණි.