2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව වරෙන්තුවක් ලබාගෙන වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දී තිබේ.