පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධව වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව වරෙන්තුවක් ලබාගෙන වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *