ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (29) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කෙරිණි.
තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න වෙත ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයින් වන දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් ද සංචිතය සඳහා ඇතුළත් කර තිබේ.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග දෙකක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට දෙරටේම ක්‍රිකට් බලධාරීන් සිය අනුමැතිය පළ කර තිබේ.
ඒ අනුව 2009 ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෙස මෙය සැලකේ.
පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසයේ දී පාකිස්තානයේ දී පැවති එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය සඳහා නම්කර ඇත.
නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් නමුත් දෙවන තරගය පරාජය වීම නිසා 1-1ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව යටතේ දැනට ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කර තිබෙන අතර ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටී.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය.
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා , ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත.
මේ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 11 සිට 15 දක්වා රාවල්පිණ්ඩි ක්රිඩාංගණයේදීත්
දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 19 සිට 23 දක්වා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
Wow, beautiful site. Thnx …|
Amazing such a handy webpage.|
Love the website– extremely user pleasant and whole lots to see!|
Fantastic website you’ve gotten in here.|
Wow, beautiful portal. Thnx …|
Good Web page, Maintain the useful job. Thanks!|
{
Incredible, such a advantageous internet site.|
{
Really instructive, look forth to coming back.|
Thanks a ton for sharing your cool web page.|
Great looking site. Assume you did a bunch of your very own html coding.|
Extremely user pleasant website. Great information offered on couple of clicks on.|
Greetings, good website you possess there.|
Wow because this is really great work! Congrats and keep it up.|
say thanks to a lot for your site it helps a great deal.|
Hello, good webpage you possess right now.|