නිරෝධායන නීති රෙගුලාසි උල්ලංඝනය කළ පුද්ගලයින් 912 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය 26 වනදා දිවයින පුරා ඇඳිරි නිතිය ලිහිල් කිරීමෙන් අනතුරුව නිරෝධායන නීති රෙගුලාසි නොසලකා හැරීම සම්බන්ධව පුද්ගලයින් 912 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුඛ ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම ආදී වැරදි සම්බන්ධයෙන් අදාළ පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර ඊයේ අලුයම 04 සිට රාත්‍රී 10 දක්වා නිරෝධායන නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 132ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *