සුරා සැල් හා මස් මාංශ අලෙවිසැල් ජුනි මස 05 සහ 06 දෙදින වසා තැබේ

පොාසොන් උත්සවය නිමිත්තෙන් දිවයිනේ පිහිටි සියලුම සුරා සැල් ජුනි මස 05 සහ 06 දෙදින වසා තැබීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටී.

සුපිරි වෙළදසැල්වලද මත්පැන් අලෙවිය නැවැත්වීමට පියවර ගතයුතු අතර, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස්මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙලදසැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසද එමගින් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *