රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාව පියවර ගනී.
ඒ අනුව එම මාර්ගෝපදේශ ඇතුළත් කරමින් ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාව මගින් “ප්රසම්පාදන මාර්ගෝපදේශ සංග්රහය 2024 ” සකස් කර තිබේ.
එම මාර්ගෝපදේශ සංග්රහය ප්රකාශයට පත් කරමින් සහ එය ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්රියාත්මක කිරීම බලාත්මක කරමින් ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාවේ මහ ලේකම් ඩී.සී.සිරිබද්දන මහතා විසින් ඊයේ(26) දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.