අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද(3) උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන පාර්ලිමේන්තුවේදී අද පෙරවරු 10ට රාජාසන කතාව පැවැත්වේ.
ඉන්පසු යළි පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී විපක්ෂ නායක, සභා නායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු පත් කිරීම සිදුවනු ඇත. එහිදී සභා නායක තනතුර සදහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද නම කිරීමට යෝජනා වී ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා නම කර ඇත.
2020-01-03