දුමින්දට

දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් පෙබරවාරි මස විභාගයට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනාධිපති සමාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේදී කරුණු දැක්වීම සඳහා කල් තැබීය.

ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් ලබන පෙබරවාරි 7 වැනිදා කැඳවීමට නියම කළේය.
මීට පෙර අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනාධිපති ධූරය දරන්නේ නැති නිසා වගඋත්තරකරුවෙකු ලෙස එක් කරනු ලැබුවා.

දුමින්ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර භාරයට පත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 31 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය. දුමින්ද සිල්වාගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරමින් අධිකරණය අතුරු නියෝගයක් ද නිකුත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය ප්‍රකාරව මෙම අයදුම්පත් ඉදිරියට ගෙන යාමට අධිකරණය දැනටමත් අවසර ලබා දී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ගසාලි හුසේන් විසින් දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව නීතියෙන් වලංගු නොවන බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

2011 ඔක්තෝබර් 8 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 4 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් 8 වැනිදා, හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ එරාජ් ද සිල්වා මහතා සමඟ ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සමඟ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සහ නවීන් මාරපන මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *