LK reports news sinhala

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි – වර්ජකයින් දිගටම හිතුවක්කාර වෙයි

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ(3) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් සහ එම සේවාවන් පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය වන දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සැළකෙනු ඇත.

එමෙන්ම අදාළ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන සියලු වැඩ සහ ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ අත්‍යාවශ්‍ය සේවාවන් වෙයි. වර්ජනයේ නිරත වෘත්තීය සමිති අසාධාරණ ලෙස එය පවත්වාගෙන යාම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.

මීට අමතරව එළැඹෙන සඳුදා (10) සිට මැතිවරණ නීති අනුවද වැඩවර්ජන සිදුකිරීම තහනම් බව මැතිවරණ කොමිසම දන්වා සිටී.

(Image – Daily FT)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *