දකුණු ඉන්දීය චිත්‍රපට අනුකරණය කිරීමට ගිය යාපනේ තරුණියක් මරුට

අඛණ්ඩව ඇඳිරි නීතිය පැවති පසුගිය කාලය තුළ දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීමට හුරුවූ වූ යාපනයේ තරුණියක් එම චිත්‍රපටවල ඇති චරිත අනුකරණය කරමින් සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගැනීමට යෑමේදී ඇය එම ගින්නටම හසු වී මිය ගොස් තිබේ.

පෙරේදා (25) දිනයේ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සූරියකුමාර් තනුජා නමැති යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ ජීවත් වූ විසිහතර හැවිරිදි තරුණියකි.

ඇයගේ ඥාතීන් ප්‍රකාශ කෙරුවේ රංගනය සඳහා ඇය ඒ අන්දමට ක්‍රියා කරමින් සිටියදී ඇගේ සිරුරට ගිනි ඇවිළුණු බවයි. අනතුරුව ඇයව යාපනයේ තෙලිප්පලෙයි රෝහලටත්, අනතුරුව තත්ත්වය බරපතළ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙතටත් මාරු කිරීමෙන් පසුව ඇය මියගිය බවයි.

සිද්ධිය පිළිබඳව යාපනයේ චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *