LK reports news sinhala

තොරතුරු තාක්ෂණ රැකියා කලා අංශයේ තරුණ තරුණියන්ටත් – ගෝඨාභයගෙන් ප්‍රතිඥාවක්

කලා විෂය හැදෑරු තරුණ තරුණියන් පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එක්කර ගනිමින් අමෙරිකානු ඩොලර් බිලියන තුනක ආදායමක් උපයාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පස්සර නගරයේ පැවැති ජනරැලියට එක්වෙමින් ගෝඨාභය මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනරැලි කිහිපයකටම එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවරණය කළ අතර ලෝකයේ නව ආර්ථික අවස්ථා ශී‍්‍ර ලංකාවට ලබා ගන්නා බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි ආණ්ඩුවකදී වැවිලි ක්ෂේත‍්‍රය ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බවයි. රටේ ආරක්ෂාව අන් සියල්ලටම වඩා වැදගත් බව ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළේය.

මේ අතර වාලච්චේන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රටේ නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක් යටතේ විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *