තිළිණි ප්‍රියමාලිට රුපියල් බිලියන 1.3 ක සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වෙයි.

තිළිණි ප්‍රියමාලිගේ සමාගම්වල ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 1.3කට අධික මුදලක් තිළිණි ප්‍රියමාලි විසින් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට දැනට සිදුකෙරෙන පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව තිළිණි ප්‍රියමාලිට අදාළ මහා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද අධිකරණයට දන්වා සිටියේය.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව පවරා ඇති නඩු නවය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මේ බව අනාවරණය කළේය. මෙම නඩුවේ සැකකරුවෙකු වන ඉසුරු බණ්ඩාර කොළඹ මුදල් හුවමාරු මධ්‍යස්ථාන කිහිපයකින් රුපියල් මිලියන 40 සිට ඩොලර් 120,000 දක්වා මුදල් හුවමාරු කර ගෙන තිකෝ ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් වෙත සූට් කේස් දෙකකින් රැගෙනවිත් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව අධිකරණයට දන්වා සිටියේය. තිළිණි ප්‍රියමාලි සතුව මේ වන විට ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බව අධිකරණයට වාර්තා විය.

මේ අතර තිකෝ ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හි හිමිකාරිය තිළිණි ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ලේ සිරිසුමන හිමි සහ ව්‍යාපාරික ජානකී සිරිවර්ධන නොවැම්බර් 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *