පාස්කු දින එල්ල වු මුස්ලිම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුගේ බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම ගිණුම්වල රුපියල් මිලියන 134 ක අධික මුදලක් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 20 ක ට අධික මුදලක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම ත්‍රස්තවාදී සැකකරුවන් සතුව තිබු බිලියන 7 ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අක්‍රිය කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කරමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.