ත්‍රිරෝද රථ සඳහා වූ ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් නව තීරණය ප්‍රකාශයට පත් කරයි.

එහි පළමු අදියර ලෙස ත්‍රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

නව වැඩි කරන ලද කෝටාව සඳහා QR පද්ධතිය යටතේ ඉන්ධන සැපයීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ කෙරේ.

අනෙකුත් පළාත් සඳහා වන ක්‍රියාවලිය අදියර වශයෙන් අනුගමනය කරන බව පීඑම්ඩී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *