සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර ඇත්තේ කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් ඊයේ දිනයේදී වාර්තා වූ බවයි.
මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 595ක් දක්වා ඉහළගොස් ඇත.
වව්නියාව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ යාල්වෙල ප්‍රදේශයේ පදිංචි 71 පිරිමි පුද්ගලයෙක් එලෙස මරණයට පත්ව ඇත.
මේ අතර ඊයේ දිනය තුළ නව කොවිඩ් – 19 ආසාදිතයින් 228 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ද එම ආසාදිතයින් අතර සිටී.
කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 94,564 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
91,272 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 2,697 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.