ඩුබායි, දෝහා සහ චෙන්නායි සිට පුද්ගලයින් 52ක් මෙරටට

ඊයේ (24) රාත්‍රියේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 654 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට‍ පුද්ගලයින් 4 දෙනෙකුද අද (25) දිනයේ QR 668 දරණ කටාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයෙන් දෝහා සිට පුද්ගලයින් 14 දෙනෙකුත් මෙරටට පැමිණ තිබේ. එමෙන්ම TST 9934 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් 21 දෙනෙකු සහ UL 1026 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් 13 දෙනෙකුද වශයෙන් පුද්ගලයින් 52 ක් මෙරටට පැමිණ ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග වාර්තා කරයි.

එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *