නිරෝධායනයට ලක්වෙන්නන් ඡන්දය ප්‍රකාශ කරන දිනය පිළිඹද තීරණය අද

නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම සඳහා ලබන 31 වනදා  යොදාගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (27) දිනයේදී ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අද පක්ෂ නියෝජිතයින් හමුවී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි එම කොමිසම සඳහන් කළේ.

මේ අතර ලබන අගොස්තු මස 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 06 වනදා පස්වරුවේදි නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *