Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජාතික කඩදාසි සමාගම ඈවර කිරීමට දී තිබූ අනුමැතිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

ජාතික කඩදාසි සමාගම ඈවර කිරීමට දී තිබූ අනුමැතිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරිම සඳහා ලබා දී තිබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව, සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ ඇති දැනට නිෂ්පාදන කටයුතු තවතා දමා ඇති වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල්වල නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කිරිමට සියලු කටයුතු සිදු කෙරෙමින් පවති. එම කාර්යයන් සඳහා සිමාසහිත ජාතික කඩදාසි සමාගම ක්‍රියාකාරිව පැවතීම අත්‍යාවශය බැවින් එම සමාගම ඈවර කිරිමට හා එහි දැනට සේවයේ යෙදී සිටින සේවකයින්ගේ සේවය අවසන් කිරිම සහා ස්වෙච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට අදාළ අමාත්‍ය මණ්ඩල විසින් මිට පෙර ගෙන තිබු තීරණය අවලංගු කිරිමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරන ලදී.

නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර දැනට නිෂ්පාදන කටයුතු සිදු නොකරන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ආයතන නරවත ආරම්භ කිරිමට කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහත විසින් මෙම යෝජනාව අමත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *