මැතිවරණය

ජනපතිවරණයදා ඡන්දය දාන්න පැයක් වැඩිපුර දෙයි

මෙවර ජනපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන නොවැම්බර් 16වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින්ට පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම අද(29) තීන්දු කළේය. දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර අද පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඡන්දය ලබාදීම සඳහා පැයක් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිතය.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් වැඩිවීම නිසා ඡන්ද පත්‍රිකාව දිගුවී තිබීමෙන් අමතර කාලයක් වැයවීම මෙයට හේතුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *