LK reports news sinhala

ජනපතිවරණයට එන ගෝඨා වෙනුවෙන් ඇප මුදල් බඳී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද(20) එම පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අද පෙරවරුවේ රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන නියෝජිතයෝ රැසක්ද එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *