LK reports news sinhala

ජනපතිගේ අමාත්‍යංශයකට ඇඟිලි ගසන කෙනෙක් ගැන දයාසිරි කියයි

ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයකට කථානායක කරු ජයසූරිය ඇඟිලි ගසන්නට පටන් ගෙන ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

මෙවන් කටයුත්තක් සිදුව ඇත්තේ ඉතිහාසය ප්‍රථම වතාවට බවද ඔහු සඳහන් කළේ ය.

පොලිස් නිලධාරීන් 33,000කට උසස්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ඒ සඳහා මුදල් නැති බව මුදල් ඇමතිවරයා පැවසූ බවද නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසීය.

කතානායකවරයා ඒ ගැන සොයා බලා කටයුතු කරන්නම් යැයි පැවසූ බවත් මෙය පුදුම නීතියක් බවත් කතානායකවරයා අමාත්‍යාංශවල වැඩත් කරන්න පටන් අරගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *