දිවයිනේ සියලු දිස්ත්රික්ක සඳහා සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්රයක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ. හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තීරණයත් සමග මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඒ මහජන ආරක්ෂක පනතේ 12වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්රකාරවයි.
හදිසි නීතිය දීර්ඝ නොකළ ද සියලු දිස්ත්රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම එහි අරමුණ වන අතර ඒ අනුව ශ්රී ලංකා යුද, නාවික සහ ගුවන් යන ත්රිවිධ හමුදාව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්රික්කවල සහ ඒ ඒ දිස්ත්රික්කයට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව සදහා කැඳවිමට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.