ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.
ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරි දින දෙක තුන ඇතුළත නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ හැකි බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.