ගෝඨා හමුවී අභයතිස්ස හිමි කියූ දේ

සාමය අගයන මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වලින් ඔවුන් මුදාගැනීමේ යුතුකමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පුමුඛ අනාගත පාලනයකට පැවරෙන බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (9) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් බැහැදුටුවේය.

විහාරස්ථානය වැඳපුදා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ බෝධි පූජා පිංකමට ද එක් විය.

එහිදි අදහස් දැක්වු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ රට යුද්ධයෙන් ගලවාගත් බවත් ඔහු ගලවාගත්තේ එක් ජාතියක් පමණක් නොවන බවත්ය.

එදා දෙමළ මිනිස්සු දිහා බැලුවේ වැරදි විදිහට බවත් පසුව එල්.ටී.ටී.ඊ බෝඩ් එක ඔවුන්ගෙන් ගලවා ගත් බවත් ඒ හිමියෝ කීහ.

ඒ අනුව 2005 රට භාරගත් තිබුණු තැනම නැවතත් රට තිබෙන බවද සාමාන්‍ය මුස්ලිම් ජනතාවගෙන් අයි.එස්.අයි.එස් බෝඩ් එක ගැලවීම යුතුකමක් බවද අභයතිස්ස හිමියෝ එහිදි අවධාරණය කළහ.

(Image – Daily Mirror)

Leave a Reply

Your email address will not be published.