ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණු නියෝජිතයෝ කාන්තා බල මණ්ඩලය හා ත්‍රී රෝද රථ රියදුරු සංවිධාන කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී හමුවූහ.
එහිදී ත්‍රී රෝද රථ රියදුරු සංවිධාන සමග පැවැති හමුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රටම බලා සිටින්නේ ආණ්ඩුවේ වෙනසක් බවත් ඒ වෙනස ජනතාව විසින් සිදු කරන බවට තමා හොඳින් දන්නා බවත්ය.
“ත්‍රී රෝද රථ සේවය විතරක් නෙමෙයි. දැන් මුළු රටම අවුල් වෙලා. ලෝකයේම තෙල් මිල අඩුවෙනවා. අපේ මොකක්ද සූත්‍රය. මිල සූත්‍රයෙන් මිල අඩු වෙනවාද ? ඒක වැඩි වෙනවා. ලොකයේ අඩු වෙනවා මේකේ වැඩි වෙනවා. මංගලගේ සූත්‍රය. මේක ජනතාව ගසාකන වැඩපිළිවෙළක්.“ යැයිද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රී රෝද රථ රියදුරන් හමුවේ කියා සිටියේ වර්තමානයේ වාහන දඩ මුදල වැඩිවී ඇති බවත් මාර්ග වැරදි නීතියෙන් නතර කිරීමට වඩා ආකල්පවලින් වෙනස් කළ යුතු බවත්ය.